මැතිවරණයට පෙර ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි

උතුරු – නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාව සංශෝධනය විය149068826013am2 යුතු බව ආයෝජන හා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

13 වන ව්‍යවස්ථාවේ මේ වන විට පවතින විධිවිධාන වලට අනුව පළාත් සභා ඒකාබද්ධ කිරීමට හැකියාව ඇතත් එසේ ඒකාබද්ධ වීමේ විධිවිධාන අහෝසි කිරීමට නව ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන බව සඳහන්ය.

එසේම පළාත් සභා වලට අදා‍ළ කෙටුම්පත් නීතිගත කිරීමේදී අදාළ පනත් කෙටුම්පත් පළාත් සභා සියල්ලගේම සම්මත වී අනුමැතිය ලැබිය යුතුව තිබූණද එය බහුතරයකගේ අනුමැතියෙන් අනුමත කිරීමේ සංශෝධනයන් ගෙන ඒමට ආණ්ඩු පක්ෂය සුදානම් වේ.

එබැවින් ඉහත විධිවිධාන 2 ම තමන් එකඟ බව ෆයිසර් මුස්තාපා මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදී.

දැනට පවතින ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ප්‍රාදේශ්‍රීය දේශපාලකයන්ට පොලීසියට පවා බලපෑම් කිරීමට හැකි බව හෙතෙම පවසයි.

සමස්තයක් ලෙස 13 ව්‍යවස්ථාව සංශෝධනයට ෆයිසල් මුස්තාපා එකඟත්වය පළ කරන බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටින ලදී.

උතුරු- නැගෙනහිර ප්‍රදේශය ත්‍රස්තවාදී නිජ බිමක් ලෙස රටේ සෑම පක්ෂයක්ම පෙන්වා දෙන බවත්, මෙය සිංහල,දෙමළ,මුස්ලිම් ප්‍රශ්නයක් නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.