තහනම් මත් ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛයා ආසියාව

මත්ද්‍රව්‍ය පාවිච්චිය සඳහා ලැබෙන ඊනියා නෛතික අවසරය යටතේ මත්ද්‍රව්‍ය පාවිච්චිය අනතුරුදායක ලෙස ඉහළ යමින් පවතින බව මත්ද්‍රව්‍ය සහ atspromo5අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.

ලෝකයේ මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කරනු ලැබ ඇති අලුත්ම වාර්තාවක් පවසන්නේ,හෙරොයින් සහ කොකේන් වැනි සාම්ප්‍රධායික මත් ද්‍රව්‍යවල පාවිච්චිය එකම මට්ටමක පැවතුනත්, මානසික උත්තේජනයට හේතු වෙන අලුත් මත් ද්‍රව්‍යවර්ග පාලනය සඳහා බලධාරීන්ට දුෂ්කර අරගලයක නිරත වීමට සිදුව ඇති බවයි.

මත් ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරියකු වන ජස්ටිස් ටෙට්ලේ (Justice Tettley) ප්‍රකාශයක් කරමින් මෙය බටහිර යුරෝපයට පමණක් නොව සමස්ථ ලෝකයටම බලපාන තර්ජනයක් බවයි කියා සිටියේ.

එසේම අද කරලියට පැමිණ ඇති අලුත් මත්ද්‍රව්‍ය වර්ග පරණ ඒවාට වඩා බෙහෙවින් අනතුරුදායක බවත් එක්සත් ජාතීන්ගේ ආයතනයේ වාර්තාව අවධාරණය කර ඇත.

මානසික උත්තේජනය ඇති කෙරෙන අලුත් මත් ද්‍රව්‍ය වර්ගවලින් වැඩි හරියක් ආසියාවේ නිෂ්පාදන බවක් පෙනී යන්නේ යයි පවසන මත් ද්‍රව්‍ය පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව, ඒවා ලෝක මට්ටමින් පැතිර යන්නේ අන්තර්ජාලය ඔස්සේ බවත් කියා සිටියි.

මෙය අද ලෝක අර්බුදයක් මට්ටමට වැඩී ඇති නමුත් එහි ලොකුම වෙළෙඳ පොළ උතුරු ඇමෙරිකාව සහ යුරෝපය බවත් ඉහත කී වාර්තාවේ දැක්වෙයි.

1 Trackbacks & Pingbacks

  1. තහනම් මත් ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛයා ආසියාව | අපෙන් news

Leave a Reply